spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් පිරිපහදු කරන්නත් සිනොපෙක් එයි – අනුමැතිය සඳුදා

චීනයට අයත් සිනොපෙක් සමාගම මගින් ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදි කිරීම වෙනුවෙන් ගෙනා යෝජනාව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවනු ඇති බවයි.

ඩොලර් බිලියන 4.5ක ආයෝජනයෙන් චීන සමාගමක් වන සිනොපෙක් මෙම පිරිපහදුව ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ කැබිනට් අනුමැතිය ලැබුණු පසු ගිවිසුම අත්සන් කිරීමට චීනයට ආරාධනා කරන බවයි.

පසුගිය අගෝස්තු මාසයේදී නව පිරිපහදුවක් වෙනුවෙන් යෝජනා කැඳවූ අවස්ථාවේ චීනයේ සයිනොපෙක් සහ Vitol සමාගම් සැලසුම් ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් පසුව Vitol සමාගම එම ක්‍රියාවලියෙන් ඉවත් වූ බව සඳහන්.

නව පිරිපහදුව සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය හැකි වන්නේ ගිවිසුමට අත්සන් කිරීමෙන් පසුව බව බලශක්ති අමාත්‍යවරයා කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?