AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිගේ ප්‍රකාශයට නීතිඥ සාලිය පීරිස්ගෙන් ප්‍රතිචාර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම ප්‍රතිචාර දැක්වීම සිදුකර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

පසුගිය 2022 වසරේ මැයි 09 වනදාට පෙර තමාට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වුවමනාවක් තිබූ බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බවයි එහි ඔහු සඳහන් කර තිබුණේ.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කණගාටුවන බවත් ජනාධිපති නීතිඥවරයා එහි වැඩිදුරටත් දක්වා තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අරගල සමයේ රටේ අගමැති ධුරය භරගැනීමට සූදානමින් සිටි බවයි.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙකුට එම ධුරයෙන් ඉවත් වී ස්වාධීන අගමැතිවරයෙක් ලෙසට පත් කිරීමට ද එහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

නීතිඥ සංගමය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී ඔහු සමඟ සාකච්ඡා කරනු ලැබුවේ දේශපාලනයෙන් තොර අයෙක් අගමැතිවරයා ලෙසට පත් කිරීම බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

ඔවුන් බලාපොරොත්තු වූයේ සාලිය පීරිස් අගමැති ධුරයට පත්වනු ඇති බවට වන අතර එය රහසක් නොවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?