ජනාධිපතිගේ ප්‍රකාශයට නීතිඥ සාලිය පීරිස්ගෙන් ප්‍රතිචාර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම ප්‍රතිචාර දැක්වීම සිදුකර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

පසුගිය 2022 වසරේ මැයි 09 වනදාට පෙර තමාට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වුවමනාවක් තිබූ බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බවයි එහි ඔහු සඳහන් කර තිබුණේ.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කණගාටුවන බවත් ජනාධිපති නීතිඥවරයා එහි වැඩිදුරටත් දක්වා තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අරගල සමයේ රටේ අගමැති ධුරය භරගැනීමට සූදානමින් සිටි බවයි.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙකුට එම ධුරයෙන් ඉවත් වී ස්වාධීන අගමැතිවරයෙක් ලෙසට පත් කිරීමට ද එහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

නීතිඥ සංගමය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී ඔහු සමඟ සාකච්ඡා කරනු ලැබුවේ දේශපාලනයෙන් තොර අයෙක් අගමැතිවරයා ලෙසට පත් කිරීම බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

ඔවුන් බලාපොරොත්තු වූයේ සාලිය පීරිස් අගමැති ධුරයට පත්වනු ඇති බවට වන අතර එය රහසක් නොවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

1 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39