AFC Banner
Empty Ad
Empty Ad

බොරැල්ල වෙස්ටන් රෝහලට වකුගඩු සැත්කම් කරන්න අවසර

බොරැල්ල වෙස්ටන් රෝහලට වකුගඩු සැත්කම් සිදුකිරීම සඳහා ලබා දී තිබූ අනුමැතිය අත්හිටුවමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ලිපියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

බොරැල්ල වෙස්ටර්න් රෝහල සහ එහි සභාපති මහාචාර්ය රිස්වි ෂෙරිෆ් විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමේ තීන්දුව ලබාදෙමිනුයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ.

එසේම දැනට පවතින වකුගඩු සැත්කම් බාධාවකින් තොරව සිදු කිරීමට අදාළ රෝහල් වෙත අවසර දෙන ලෙසත් වග උත්තරකරුවන්ට අධිකරණය කළ නියෝගය සඳහන්.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ තම රෝහලේ වකුගඩු සැත්කම් සිදු කිරීමේදී අක්‍රමිකතා සිදුවන බවට මාධ්‍ය විසින් පළකරනු ලැබූ වාර්තාවලින් අනතුරුව කිසිදු විමර්ශනයක් නොපවත්වා එම සැත්කම් සිදු කිරීමට ලබාදී තිබු අනුමැතියත් අත් හිටුවමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කළ බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගනු ලැබූ එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඊට පාදක වූ කරුණු පදනම් විරහිත බවත් පෙත්සම්කාර රෝහල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ තර්ක කර තිබුණා.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කරමින් අදාළ නියෝග නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?