රිය අනතුරකින් 20 හැවිරිදි තරුණියක් නොඑන ගමන් යයි

අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ ගලේවෙල, මාතලේ හංදිය ආසන්නයේ දී ඊයේ (23) දහවල් සිදු වූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ ලෝචනා කාව්‍යංජලි නැමැති තරුණියක්.

දඹුල්ල සිට ගලේවෙල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ගලේවෙල පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුව අවස්ථාවේ දී ත්‍රිරෝද රථය තුළ පියා, මව සහ දියණියන් දෙදෙනා සිට තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ඔවුන් සිව්දෙනා ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් දියණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ජීවිතක්ෂයට පත්ව ඇති තරුණිය පොළොන්නරුව, සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් වන අතර, ඔවුන් විවාහ මංගල්‍යයකට සහභාගිවීම සඳහා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.

  1. Stupid Indian 3 wheeler garbage is killing general public everyday and many in hospitals. 3 wheeler garbage have killed lot more people than the LTTE war. Not a single politician has a vision about it and importing hooligans/crooks are dumping this garbage, lot more without control.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15