අකුණු සැර වැදී 15 හැවිරිදි දරුවෙකු මරුට – කෑගල්ල – රක්වානත් ජලයෙන් යටවෙයි

ගල්පාත ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග එල්ල වූ අකුණු සැර පහරක් වැදීමෙන් ඇති වූ කම්පනයකින් පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අඟුරුවාතොට පොලිසිය පැවසුවේ අකුණු පහරින් සිදු වූ කම්පනයෙන් අද රාත්‍රියේ දී මෙම සිසුවා මියගොස් ඇති බවයි.

මියගිය සිසුවාගේ දෙමාපියන් සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්පාත, බටගොඩ – වටුගොඩ ප්‍රදේශයේ පදිංචි ව සිටි අනූෂ ගිම්හාන් පෙරේරා නමැති 15 හැව්රිදි පාසල් සිසුවෙක්.

අකුණුසැර සැර එල්ල වන අවස්ථාවේ පාසල් සිසුවා නිවසේ කොරිඩෝවේ රැඳී සිට ඇති අතර, එහිදී ඇති වූ කම්පනයෙන් බිම ඇදවැටී ඇති බවත් වාර්තා වනවා.

ඒ මොහොතේ ම ඔහු ගල්පාත ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත්, රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇති බවත් සඳහන්.

මියගොස් ඇති සිසුවාගේ ශරීරයේ බාහිර කිසිදු තුවාලයක් දක්නට නොලැබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෘතදේහය ගල්පාත ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර; පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හොරණ දිස්ත්‍රික් රෝහලට යොමු කිරීමට නියමිතයි.

මේ අතර දිවයිනට ම බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෑගල්ල නගරයේ ප්‍රදේශ බොහෝමයක් සහ රක්වාන නගරය ද මුළුමනින් ම ජල‍යෙන් යට වී ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?