අකුණු සැර වැදී 15 හැවිරිදි දරුවෙකු මරුට – කෑගල්ල – රක්වානත් ජලයෙන් යටවෙයි

ගල්පාත ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග එල්ල වූ අකුණු සැර පහරක් වැදීමෙන් ඇති වූ කම්පනයකින් පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අඟුරුවාතොට පොලිසිය පැවසුවේ අකුණු පහරින් සිදු වූ කම්පනයෙන් අද රාත්‍රියේ දී මෙම සිසුවා මියගොස් ඇති බවයි.

මියගිය සිසුවාගේ දෙමාපියන් සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්පාත, බටගොඩ – වටුගොඩ ප්‍රදේශයේ පදිංචි ව සිටි අනූෂ ගිම්හාන් පෙරේරා නමැති 15 හැව්රිදි පාසල් සිසුවෙක්.

අකුණුසැර සැර එල්ල වන අවස්ථාවේ පාසල් සිසුවා නිවසේ කොරිඩෝවේ රැඳී සිට ඇති අතර, එහිදී ඇති වූ කම්පනයෙන් බිම ඇදවැටී ඇති බවත් වාර්තා වනවා.

ඒ මොහොතේ ම ඔහු ගල්පාත ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත්, රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇති බවත් සඳහන්.

මියගොස් ඇති සිසුවාගේ ශරීරයේ බාහිර කිසිදු තුවාලයක් දක්නට නොලැබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෘතදේහය ගල්පාත ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර; පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හොරණ දිස්ත්‍රික් රෝහලට යොමු කිරීමට නියමිතයි.

මේ අතර දිවයිනට ම බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෑගල්ල නගරයේ ප්‍රදේශ බොහෝමයක් සහ රක්වාන නගරය ද මුළුමනින් ම ජල‍යෙන් යට වී ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16