අයවැය දෙවැනි වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත මීට ටික වේලාවකට පෙර සම්මත වුණා.
ඒ පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනි වර කියවීම සම්බන්ධයෙන් පවත්වනු ලැබූ ඡන්ද විමසීමේ දීයි.
ඡන්දය විමසීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙනුයි පැවැත්වුණේ.
මෙවර අයවැය විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.
ඊට පක්ෂ ව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 122ක්.
විපක්ෂ ව ලැබුණේ ඡන්ද 77ක් පමණයි.
ඒ අනුවයි අයවැය දෙවැනි වර කියවීම මෙලෙස සම්මත වූයේ.
මේ අතර පාර්ලිමේන්තුව හෙට දිනයේ පෙරවරු 9.30 තෙක් කල් තබනු ලැබුවා.













