පුංචි ඡන්දය විමසීම කල් දැමීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයට දින දෙයි

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් මේ මස 29 දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා.

එහෙත් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා අද දින නඩු විභාගයට සහභාගී නොවීම හේතුවෙන් අදාළ පෙත්සම් සෙසු විනිසුරුවරු හතර දෙනා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් විභාගය මේ මස 29 වනදා පැවැත්වීමට දින නියම කරන බවයි.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් 04ක් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම් කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකාර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන සඳහන් කළේ මෙම නඩුවට අදාළ විරෝධතා අධිකරනය හමුවේ ගොනුකර තිබෙන බවයි.

පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුදල් අමාත්‍යවරයා විසින් මෙවර අයවැය විවාදයේ දී ඉදිරිපත් කළ කතාවේ පිටපතක් මෙම නඩුවට ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

මෙම පෙත්සම් වල වගඋත්තරකාරියක වශයෙන් නම් කර සිටි මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකාවක වන පී.එස්. එන්. චාල්ස් මහත්මිය විසින් විරෝධතා ගොනුකර තිබෙන බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගය මේ මස 29 වන දා ආරම්භ කරන බව නියෝග කළා.

ඉකුත් මාර්තු මස 09 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14