ප්‍රබලයින් රැසක් නොමැතිව ඉන්දියාව 20-20 තරග බිමට – SKY නායකත්වයට

ඕස්ට්‍රේලියාව සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සූර්යකුමාර් යාදෙව්ට හිමිව තිබෙනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටි බොහෝ ක්‍රීඩකයින් මෙම තරගාවලියේ දී විවේක ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් සංචිතය නැවුම් පෙනුමක් ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එක්දින ශූරයින් සමග පැවැත්වෙන තරගාවලියේ උපනායකයා ලෙස ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් නම් කර තිබෙනවා.

මෙම තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිය සඳහා 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු පමණක් තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රසිද් ක්‍රිෂ්ණා, ඉෂාන් කිෂාන් සහ සූර්යකුමාර් එලෙස තෝරාගෙන ඇති ක්‍රීඩකයින් වන අතර, කෙසේ වෙතත් ශ්‍රෙයාස් අයියර් රායිපූර් සහ බැංගලෝරයේ පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරග දෙක සඳහා සංචිතයට එක්වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ වසරේ දී විස්සයි විස්ස තරඟාවලි බොහොමයක දී ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන් තුන්ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ද මෙම තරගාවලිය අහිමිව යනවා.

2024 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්කකර ගනිමින් නවකයින් රැසකට මෙම තරගාවලිය තුළ අවස්ථාව දීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව මෙහිදී කටයුතු කර තිබෙනවා.

නොවැම්බර් 23 වනදා විශාකාපට්නම්හි දී තරග පහකින් සමන්විත මෙම තරගාවලිය ආරම්භ වනවා.

තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය

සූර්යකුමාර් යාදෙව් (නායක), රුතුරාජ් ගයික්වාඩ්, ඉෂාන් කිෂාන්, යෂස්වි ජයිස්වාල්, තිලක් වර්මා, රින්කු සිං, ජිතේෂ් ෂර්මා, වොෂින්ටන් සුන්දර්, අක්සාර් පටෙල්, ශිවම් ඩුබේ, රවී බිෂ්නෝයි, අර්ෂ්දීප් සිං, ප්‍රසිද් ක්‍රිෂ්ණා, අවේශ් ඛාන්, මුකේෂ් කුමාර. ශ්‍රෙයාස් අයියර්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
10
+1
12
+1
2
+1
1
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?