කොළඹ වරාය නගරයට අදාළ තවත් නීති රෙගුලාසි කිහිපයක් මාස තුනක් ඇතුළත

කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම සඳහා තවත් නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස 03 ඇතුළත සම්මත කිරීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අනාවරණය වුණා.

ඒ, රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගමගේ සභාපතිත්වයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී කොළඹ නරය තුළ ක්‍රියාත්මක වන නීති පද්ධතිය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව උපදේශක කාරක සභාව නිලධාරීන්ගෙන් විමසනු ලැබුවා.

එයට පිළිතුරු ලබා දෙමින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙවාන් වික්‍රමසූරිය, කොළඹ වරාය නගරයේ ආයෝජනයන් ගෙන ඒමට අවශ්‍ය නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන තුළ ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා වන ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවත් සඳහන් කර සිටියා.

වරාය නගරයේ වාණිජ කටයුතු සඳහා විශේෂ නීතිමය විධිවිධාන ඇතත් රටේ පවතින අනෙකුත් නීති පද්ධති ක්‍රියාත්මක වන බව ඔහුමෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් කඩිනමින් සම්මත කිරීමට නියමිත බව සභාපතිවරයා පැවසුවා.

ඒ, අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමේ දී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත ආයෝජන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතනවලින් අනුමැතිය ලබාගැනීම ප්‍රමාද කිරීම පිළිබඳව ද කමිටුවේදී සාකච්ඡා කෙරුණා.

විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ආයෝජකයින් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්, ඊට විසඳුම් සෙවීම සඳහා විකල්ප මාර්ග සඳහා ධනාත්මක පිළිතුරු ලැබී ඇති බව ද සභාපතිවරයා පැවසුවා.

කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම සඳහා තවත් නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන ඇතුළත සම්මත කිරීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අනාවරණය වුණා.

මේ අතර, ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයක් ලෙස චීනයට කුරුඳු අපනයනය කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කළා.

පසුගිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පදනම්ව මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51