ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පත ගැන සාකච්ජා

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පත ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සවිස්තරාත්මකව සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි මේ පිළිබඳ සාකච්ජා වූයේ.

මෙම රැස්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සහජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය යන ආයතනවල රාජ්‍ය නිලධාරීන් සහ නියෝජිතයන් සහභාගී වී සිටියා.

පසුගිය මාස 2-3 දෙස බලන විට නැවතත් ජාතික සමගිය සහ ප්‍රතිසංධානය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේවල් රට තුළ සිදුවී ඇති අතර ඇතැම් දේශපාලන නායකයන් සහ ආගමික නායකයින් අන්‍ය ආගම් හෝ ජාතීන්ට නිග්‍රහ වන ලෙස හැසිරෙන බවත් මෙය දිගින් දිගටම සිදුවුහොත් මේ රට ආර්ථික බංකොලොත් තත්ත්වයෙන් ගොඩගැනීමේ රජයේ උත්සාහය අසාර්ථක වන බව මෙහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති සඳහන් කළා. එබැවින් මෙම පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට අවශ්‍ය පියවර මෙම කාරක සභාව හරහා ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියාසිටියේ.

එමෙන්ම ජාතික සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය මගින් සිදුකරනු ලබන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත හරහා යෝජිත ඉලක්කයක් වන ප්‍රතිසංධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර එය ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කළ හැකි බව ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලයේ නියෝජිතයන් පෙන්වා දෙනු ලැබුවා. එමෙන්ම විශ්වවිද්‍යාල සහ පාසල් හරහා සිදුකරන ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳවද ඔවුන් කාරක සභාව දැනුවත් කර තිබෙනවා.

ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමේ හොඳම වේදිකාව පාසල් ව්‍යුහය බව පෙන්වා දුන් කාරක සභාව, මෙම පනත සඳහා නීත්‍යානුකූලවම පාසල් පද්ධතිය සම්බන්ධ කර ගත හැකි වන්නේ කෙසේදැයි විමසා සිටියා. එයට පිළිතුරු ලෙස, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ත්‍රෛභාෂික පාසල් 67න් තෝරාගත් පාසල් සමඟ මූලික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලයේ නියෝජිතයන් පැවසූවේ. තව මෙම පනතේ විධිවිධානවලට අනුව ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලයට අවශ්‍ය සංශෝධන සඳහා රජයට නිර්දේශ ඉදිරිපත් කළ හැකි බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළා.

මේ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන අතර ආංශික අධීක්ෂණ කාරක සභාවේ මීළඟ රැස්වීම්වලට තරුණ නියෝජිතයන් ද ඇතුළත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි කාරක සභාවේ සභාපති ඩිලාන් පෙරේරා මහතා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38