ආසියානු ක්‍රීඩා පදක්කම් දිනූවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මිලියන 28ක්

නිමාවට පත් වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් උපහාර පිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාගේ සංකල්පයක් යටතේ සිදු කෙරුණු මෙම උපහාර උලෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු ඇගයීම් ලැබූ බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

නිමාවට පත් වූ 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභිනිය වූ තරුෂි කරුණාරත්න, රිදී පදක්කම් ලාභිණියක වන නදීෂා දිල්හානි ලේකම්ගේ මෙන්ම එම තරගාවලියේ ලෝකඩ පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු ඇගැයීමට ලක් කරමින් මුදල් ත්‍යාග ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව රන් පදක්කම් ලාභීනී තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු සහ රිදී පදක්කම් ලාභී නදීෂා දිල්හානිගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත හන මහත්වරුන් ද මෙහිදී ඇගැයීමට ලක් කිරීම විශේෂත්වයක්.

මෙහිදී තරුෂි කරුණාරත්නට රුපියල් මිලියන 10ක මුදලක් ද ඇය විසින් දිනා ගන්නා ලද අනෙක් ලෝකඩ පදක්කම සඳහා තවත් රුපියල් මිලියනයක් ද ප්‍රධානය කෙරුණා. රිදී පදක්කම් ලාභිණී නදිෂා දිල්හානිට රුපියල් මිලියන 5ක මුදලක් මෙහිදී පිරිනමා තිබෙනවා. ලෝකඩ පදක්කම් ලාභීන් වූ පසිඳු කොඩිකාර, අරුණ දර්ෂණ, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රජිත රාජකරුණා, දිනුක දේශාන්, නදීෂා රාමනායක, සයුරු ලක්ෂිමා සහ ජයේෂි උත්තරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මෙහිදී රුපියල් මිලියනය බැගින් ප්‍රධානය කෙරුණා.

පුහුණුකරුවන් වන සුසන්ත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 20ක ත්‍යාගයක්ද ප්‍රදීප් නිහාන්ත රුපියල් ලක්ෂ 10ක මුදලක් ද පිරිනමා තිබෙනවා. මෙම ඇගැයීමට ලක් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනික සමාජ සත්කාරක වගකීම් ඉටු කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙසින් සිදු කළ බවයි ඔවුන් සඳහන් කළේ.

මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ඔවුන් ලද ජයග්‍රහණ වෙනුවෙන් උපහාර පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි දින කිහිපයේදී සැලසුම් කර තිබෙනවා.

අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මෙම ඇගැයීම් උපහාර උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට අමතරව, උප සභාපති රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත සහ උප භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ ද සහභාගි වී සිටියා.

ඊට අමතරව කාන්තා ක්‍රිකට් උපදේශකවරියක මෙන්ම සංවර්ධනය පිළිබඳ උපදේශිකාවක වන ඔලිම්පික් පදක්කම් ලාභීණී සුසන්තිකා ජයසිංහ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජික කිත්සිරි ද සිල්වා ද සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45