අමෙරිකානු ගෝල්ෆ් ශූර ජස්ටින් තෝමස් සහ ෆෝර්මියුලා 1 මෝටර් රථ ධාවන ශූර Carlos Sainz දිනාගත් නෙට්ෆ්ලික්ස් (Netflix) කුසලානය දෝතට ගෙන, ජයග්‍රහණය සමරමින් සිටියදී අවාසනාවන්ත සිදුවීමක් සිදු වුණා.
ඒ ජස්ටින් තෝමස් විසින් සිය තරග සගයා වූ කාර්ලොස්ගේ අතට නෙට්ෆ්ලික්ස් කුසලානය ලබාදීමත් සමග එය ඔහු අතින් ගිලිහී ගොස් බිම වැටී බිඳී යාමයි.
Las Vegas Grand Prix තරගාවලිය ලාස් වේගාස් Wynn Golf Club හි දී පැවැත්වුණ අතර, ෆෝමියුලා 1 සහ GGA Tour තරු මෙම සජීවී තරගාවලිය නැරඹීමට ද එක් ව සිටියා.
මෙම තරගයට එක් ව සිටි සයින්ස් (Carlos Sainz) සහ ඔහුගේ සහායක ජස්ටින් තෝමස් එක් ව නොරිස් සහ රිකී ෆෝලර් ව පරාජයට පත් කළා.
ඉන් පසුව ඔවුන් අවසන් තරගයේ දී Pierre Gasly සහ Max Homa පරාජය කරමින් තරගය ජයගත් පළමු යුගලය බවට ද පත් වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙසයි Netflix සන්නාමය සහිත කුසලානයක් ඔවුන් වෙත පිරිනමනු ලැබුවේ.
නමුත් වේදිකාවේ දී කාර්ලොස් සයින්ස්ට ඇති වූ යම් අපහසුතාවයක් සමග ඔහුගේ අතින් දරා සිටි කුසලානය බිම වැටී තිබෙනවා.
නෙට්ෆ්ලික්ස් කුසලානය බිම වැටී කැඩී බිඳී යන ආකාරය නරඹන්නන් මෙන් ම රැස් ව සිටි පිරිස කැලඹීමට පත් කළ සිදුවීමක් බවයි වාර්තා වන්නේ.
නෙට්ෆ්ලික්ස් කුසලානය කැබලි දෙකකට කැඩී ගොස් තිබෙනවා.
කිසිවක් සිතාගත නොහැකිව කාර්ලොස් සහ ජස්ටින් තෝමස් ඒ දෙස වේදිකාව මත සිට දෙඅත් හිසෙහි බැඳගනිමින් බලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.