ආර්ථික ඝාතකයින් බවට තීන්දු වූ කිසිවෙකුටත් විශ්‍රාම ගිය පසු වැටුප් හා දීමනා ගෙවන්න එපා ! (නිවේදනය)

‍රට බංකොලොත් කිරීමට වගකිවයුත්තන් පිළිබඳ නඩු තීන්දුව සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලවේගය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම බලවේගයේ සභාපති මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ සහ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්කගේ අත්සනින් යුතුවයි මෙම විශේෂ නිවේදනය ලිපියක ආකෘතියෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇත්තේ.

ඒ අනුව එම ලිපිය මගින් දැනුම්දී ඇත්තේ කිසිම අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයක් ඉදිරියේ දී වැරදිකරුවන් වූ කිසිවෙකුට සිය තනතුරුවලින් විශ්‍රාම ගිය පසු හිමිවන වරප්‍රසාද ලබා දීම සිදු නොකළ යුතු බවයි.

මෙරට ආර්ථික අර්බුදය පිළිබඳ ව සමගි ජන බලවේගයට අනුබද්ධිත මෙම ජනතාවාදී බුද්ධි මණ්ඩපයේ සාමාජිකයින් පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සමට අනුව නොවැම්බර් මස 15 වැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු ඔවුන්ට හිතෛෂී පාලන නඩයේ තවත් සිව්දෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටයි අධිකරණය තීරණය කළේ.

මේ හේතුවෙන් ඔවුන් හට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් රුපියල් 150,000 බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

එවන් නඩු තීන්දුවක් ලැබී ඇති පසුබිමක, එකී පිරිස දැරූ තනතුරුවලට අදාළ ව විශ්‍රාම ගැනීමෙන් පසුව ලබාදෙන වරප්‍රසාද තවදුරටත් භුක්ති විඳීම සිදු නොවිය යුත්තක් බව ද දූෂණ විරෝධී සංගමය නිකුත් කළ ලිපියෙහි සඳහන්.

එමෙන්ම විශ්‍රාම ගිය ජනාධිපතිවරයාට, තනතුර අතහැර ගිය ජනාධිපතිවරයාට සහ ඉල්ලා අස්වූ මුදල් ඇමතිවරයාට ජනතාවගේ බදු මුදලින් ලබාදෙනු ලබන කිසිදු විශ්‍රාම වැටුපක්, නිල නිවාසයක්, නිල වාහනයක්, ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලු ම දීමනා වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසටයි ජනාධිපති ලේකම්වරයාට යොමු කළ ලිපියෙහි දැක්වෙන්නේ.

තීන්දුවෙන් වරදකරුවන් කර ඇති මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරුන් දෙදෙනාට සහ මහබැංකු අධිපතිවරුන් හට මහජන බදු මුදලින් ලබාදෙන විශ්‍රාම වැටුප් හා වෙනත් දීමනා ඇත්නම් වහාම ඒවා ද අත්හිටුවන ලෙසටයි ලිපිය මගින් ඉල්ලා ඇත්තේ.

Screenshot 2023 11 17 125214
Screenshot 2023 11 17 125239


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51