ශ්‍රීලනිපයට එරෙහි දයාසිරිගේ ඉල්ලීම අධිකරණයේ දී ප්‍රතික්ෂේප වෙයි

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීම සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබෙන තීරණ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ ඉල්ලීම බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (17) ප්‍රතික්ෂේප කළා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ෆ්රෑන්ක් ගුණවර්ධන විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමට සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණ අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මූලින්ම කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

එම නඩු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය දයාසිරි ජයසේකර ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

කොළඹ දිසා අධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් එබැවින් දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ වාරණ නියෝග තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ මෙම නඩු ගොනු කර තිබුණා.

මෙම නඩු විභාගයට ගත් අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු මහලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට පක්ෂ ව්‍යවස්ථාව යටතේ පක්ෂයේ සභාපතිවරයාට බලය තිබෙන බව සඳහන් කළා.

එසේම පෙත්සම්කාර දයාසිරි ජයසේකරගෙන් නිදහසට කරුණු විමසීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ අනුමැතියට යටත්ව සිදුකර ඇති බවත් එබැවින් එය නීත්‍යානුකූල බවටත් ඔහු තර්ක කර තිබුණා.

එබැවින් මෙම පෙත්සම තුල කිසිඳු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන ලෙස ද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.

එම කරුණු පිළිගත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුවට එළඹුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27