රාජකාරී නිම වී ගෙදර ගිය පොලිස් සැරයන් අතර මඟ දී නොඑන ගමන් ගිහින්

මහියංගණය, ඇලවෙල ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහියංගණය පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් වන අතර ඔහු 36 හැවිරිදි තිදරු පියෙක්.

මෙම පොලිස් නිලධාරියා රාජකාරි නිමකර යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටිය දී මහියංගණය, ඇලවෙල ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු ගැටී යතුරුපැදිය පෙරළීගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු පොලිස් නිලධාරියා සහ අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා මහියංගණය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ජීවිතක්ෂයට පත් පොලිස් නිලධාරියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහියංගණය රෝහලේ මෘත ශරීරාගාරයේ මේ වනවිට තැන්පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58