AFC Banner
Empty Ad
Empty Ad

හිමිනමක් කළ පහරදීමෙන් පොලිස් නිලධාරියෙකුට බරපතල තුවාල

දෙනියාය පල්ලේගම ප්‍රදේශයේදී හිමිනමක් විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාලකරු දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි දෙනියාය පොලිසිය සඳහන් කළේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ දෙනියාය පොලිස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙක්.

තම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන වයස අවුරුදු 18ක් පමණ වන හිමිනමක් විසින් පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාස⁣ය අසළදී අද (16) පස්වරුවේ පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ නිලධාරියා කඩිනමින් දෙනියාය මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුවයි වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කර ඇත්තේ.

මෙලෙස පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා කටුවන ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකු වන අතර ඔහු සැකකාර හිමි නමගේ වයස අවුරුදු 26ක් වන සහෝදරියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි සඳහන්.

ඔහු අදාළ තරුණියගේ නිවසට ගොස් සිටියදී සැකකාර හිමිනම නිලධාරියාට දුරකථනයෙන් පණිවුඩයක් ලබා දී ඇති අතර ඒ අනුව හිමිනම සහ පොලිස් නිලධාරියා පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසළදී හමුවී තිබෙනවා.

එම අවස්ථාවේ සිදුවූ බහින් බස්විමකින් පසුව සැකකාර හිමිනම බෑගයේ සඟවා ගෙන සිටි තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට පහර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

පහරදීම සිදු කළ සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
12
+1
0
+1
12
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක් මාධ්‍යට - ගෝඨාභයගේ හිටපු ලේඛම් සියල්ල වමාරයි
12:56
Video thumbnail
i Phone 16 ඔයාටත් ගන්න ඕනිද ? මෙන්න මිළදී ගන්න ඔබටත් අවස්ථාවක්
01:20
Video thumbnail
තමන්ගේ වේදිකාවේ ඉන්න අය ආරක්ෂා කරගන්න සමස්ථ වාර්ථාවක් විසිකරන්න ලෑස්ති වෙන්න එපා
06:49
Video thumbnail
ගම්මන්පිලට වැඩ වරදී - ටිල්වින් සැර ප්‍රකාශයක් කරයි
07:29
Video thumbnail
ගම්මන්පිලගෙ වාර්ථාව බොරුනම් - හදපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න #pasku
04:33
Video thumbnail
Breaking News🛑හර්ෂ ජනපති අනුර සමග එකතුවෙයි - හර්ෂ කළ විශේෂ ප්‍රකාශය මෙන්න
06:55
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙකට ගැටී සිදුවූ බිහිසුණු අනතුර - 27කට තුවාල...03දෙනෙකුට බරපතලයි...
01:03
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිව අන්දන්න හදනවා
02:42
Video thumbnail
අපේ යුතුකම අපි අවංකව ඉෂ්ඨ කළා
06:57
Video thumbnail
අලුත් පාස්පෝර්ට් එකේ අමුතු අමුතු සෙල්ලම් එළියට - ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න රිදෙන්නම කියයි
03:33

?