හිමිනමක් කළ පහරදීමෙන් පොලිස් නිලධාරියෙකුට බරපතල තුවාල

දෙනියාය පල්ලේගම ප්‍රදේශයේදී හිමිනමක් විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාලකරු දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි දෙනියාය පොලිසිය සඳහන් කළේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ දෙනියාය පොලිස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙක්.

තම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන වයස අවුරුදු 18ක් පමණ වන හිමිනමක් විසින් පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාස⁣ය අසළදී අද (16) පස්වරුවේ පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ නිලධාරියා කඩිනමින් දෙනියාය මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුවයි වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කර ඇත්තේ.

මෙලෙස පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා කටුවන ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකු වන අතර ඔහු සැකකාර හිමි නමගේ වයස අවුරුදු 26ක් වන සහෝදරියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි සඳහන්.

ඔහු අදාළ තරුණියගේ නිවසට ගොස් සිටියදී සැකකාර හිමිනම නිලධාරියාට දුරකථනයෙන් පණිවුඩයක් ලබා දී ඇති අතර ඒ අනුව හිමිනම සහ පොලිස් නිලධාරියා පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසළදී හමුවී තිබෙනවා.

එම අවස්ථාවේ සිදුවූ බහින් බස්විමකින් පසුව සැකකාර හිමිනම බෑගයේ සඟවා ගෙන සිටි තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට පහර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

පහරදීම සිදු කළ සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
12
+1
0
+1
12
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51