ක්‍රීඩා පුහුණුකරුට සහ සිසුන්ට පහරදුන් පිරිස අත්අඩංගුවට

රත්නපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ක්‍රීඩා පුහුණුකරුවෙකුට සහ සිසුන් දෙදෙනෙකුට පහර දුන් බව කියන පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේ පුහුණුවීම්වල නිරතව සිටියදී මෙම පිරිස පුහුණුකරුට සහ ඔහුගේ සිසුන්ට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් රත්නපුර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කෙරුණු අතර තුවාල ලැබූ පුහුණුකරු සහ සිසුන් රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබු අතර ඔවුන් අවුරුදු 28ත් 48ත් අතර වයස්වල පසුවන ඕපනායක, රත්නපුර සහ රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අතරින් දෙදෙනෙකු මලල ක්‍රීඩා සංගමයක සාමාජිකයින් වන අතර තවත් අයෙකු දිස්ත්‍රික් මට්ටමේ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු බව ද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

Ratnapura assault


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08