පොලිස් නිලධාරියාට යකඩ කූරකින් පහර දී සැකකරුවන් පලා යයි

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් පහරදීම නිසා තුවාල ලබා ඇති පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව ගිරිඋල්ල පොලීසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම පහරදීම අද අලුයම 2.30 ට පමණ ගිරිඋල්ල – හමංගල්ල ප්‍රදේශයේ දී සිදු ව ඇති බවට පොලිසිය පැවසූ බවයි.

පහර කෑමට ලක් ව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත්තේ ගිරිඋල්ල පොලීසියට අනුයුක්ත ව සේවය කරන පොලිස් සැරයන් 35839 ඉන්දික නම් නිලධාරියෙක්.

මෙම පොලිස් සැරයන්වරුන්වරයා සහ තවත් අයෙකු අද අලුයම හමංගල්ල ප්‍රදේශයේ රථ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරත ව සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී ගිරිඋල්ල දෙස සිට හමංගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් පොලිස්නිලධාරීන් විසින් නවත්වා පරීක්ෂා කිරීමට ලක් කෙරුණු බවයි වාර්තා වන්නේ.

එසේ පරීක්ෂා කරමින් සිටින අතරතුර දී ත්‍රී රෝද රථයේ සිටි කිසියම් අයෙකු විසින් යකඩ කූරක් වැනි දෙයකින්
පොලිස් නිලධාරියාට පහර දී තිබෙනවා.

පහර දීම හේතුවෙන් තුවාල ලබා සිටි පොලිස් නිලධාරියා ව එම ස්ථානයේ සිටි අනෙක් නිලධාරියා විසින් ප්‍රතිකාර සඳහා දඹදෙණිය රෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ ත්‍රී රෝද රථය සහ එහි සිටි පිරිස ඒ අතරතුර පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිස් විමර්ශන ක්‍රියාත්මක යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24