පොලිස් නිලධාරියාට යකඩ කූරකින් පහර දී සැකකරුවන් පලා යයි

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් පහරදීම නිසා තුවාල ලබා ඇති පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව ගිරිඋල්ල පොලීසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම පහරදීම අද අලුයම 2.30 ට පමණ ගිරිඋල්ල – හමංගල්ල ප්‍රදේශයේ දී සිදු ව ඇති බවට පොලිසිය පැවසූ බවයි.

පහර කෑමට ලක් ව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත්තේ ගිරිඋල්ල පොලීසියට අනුයුක්ත ව සේවය කරන පොලිස් සැරයන් 35839 ඉන්දික නම් නිලධාරියෙක්.

මෙම පොලිස් සැරයන්වරුන්වරයා සහ තවත් අයෙකු අද අලුයම හමංගල්ල ප්‍රදේශයේ රථ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරත ව සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී ගිරිඋල්ල දෙස සිට හමංගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් පොලිස්නිලධාරීන් විසින් නවත්වා පරීක්ෂා කිරීමට ලක් කෙරුණු බවයි වාර්තා වන්නේ.

එසේ පරීක්ෂා කරමින් සිටින අතරතුර දී ත්‍රී රෝද රථයේ සිටි කිසියම් අයෙකු විසින් යකඩ කූරක් වැනි දෙයකින්
පොලිස් නිලධාරියාට පහර දී තිබෙනවා.

පහර දීම හේතුවෙන් තුවාල ලබා සිටි පොලිස් නිලධාරියා ව එම ස්ථානයේ සිටි අනෙක් නිලධාරියා විසින් ප්‍රතිකාර සඳහා දඹදෙණිය රෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ ත්‍රී රෝද රථය සහ එහි සිටි පිරිස ඒ අතරතුර පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිස් විමර්ශන ක්‍රියාත්මක යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56