ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල නල සවිකර තිබූ අඩි 6 ක් පමණ උසින් යුත් කොන්ක්‍රීට් කොටසක් පෙරළීමෙන් සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබු 6 දෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි එක් සිසුවියක් මියගොස් ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටියේ පදිංචි ෂෙහන්සා නිත්සරණි නමැති 6 හැවිරිදි දැරියක්.
පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 6ක් වයසැති පිරිමි ළමයි 4 දෙනෙකු සහ ගැහැණු ළමයින් දෙදෙනකු මෙලෙස තුවාල ලබා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම පාසලේ ජල කරාම සවිකර තිබූ කොන්ක්‍රීට් කොටසක් මෙලෙස කඩා වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
තුවාල ලැබූ දරුවන්ගෙන් 5දෙනකු කොළඹ ජාතික රෝහල වෙත සහ එක් අයකු ළමා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.














