පාසලක කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී සිසුවියක් ජීවිතක්ෂයට – තවත් 5ක් රෝහලේ

ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල නල සවිකර තිබූ අඩි 6 ක් පමණ උසින් යුත් කොන්ක්‍රීට් කොටසක් පෙරළීමෙන් සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබු 6 දෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි එක් සිසුවියක් මියගොස් ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටියේ පදිංචි ෂෙහන්සා නිත්සරණි නමැති 6 හැවිරිදි දැරියක්.

පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 6ක් වයසැති පිරිමි ළමයි 4 දෙනෙකු සහ ගැහැණු ළමයින් දෙදෙනකු මෙලෙස තුවාල ලබා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම පාසලේ ජල කරාම සවිකර තිබූ කොන්ක්‍රීට් කොටසක් මෙලෙස කඩා වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තුවාල ලැබූ දරුවන්ගෙන් 5දෙනකු කොළඹ ජාතික රෝහල වෙත සහ එක් අයකු ළමා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
14
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00
Video thumbnail
මහනුවර සිට පේරාදෙණියට මහ පාරේ යන්න සැරසෙන කෝච්චිය - අද ඇරඹෙන අසාමාන්‍ය මෙහෙයුම
02:55
Video thumbnail
SPA ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ? - බලපත්‍ර තියෙන ආයතනත් වටලලා කාන්තාවෝ කුදලන් යනවා
11:17
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු ?
00:55
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප - මහ වැස්සේ අධිකරණයට ආපු හැටි
01:48