සිව් මසකට පෙර අතුරුදන් වූවෙකුගේ අස්ථි කොටස් හමුවෙයි ?

මස්කෙළිය ඔල්ටන් වතුයායෙන් මීට මාස හතරකට පමණ පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ බවට සැක කරන අස්ථි කොටස් අද පෙරවරුවේ දී සොයාගෙන තිබෙනවා.

මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඔල්ටන් වතුයායේ නිලා වත්ත කොටසේ පුද්ගලයකු විසින් මෙම මිනිස් අස්ථි කොටස් දැක ඇති අතර පසුව මේ බව පොලිසියට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මස්කෙළිය පොලිසිය මේ පිළිබඳ ව පරීක්ෂණ ආරම්භ කෙරුණා.

මේ පිළිබඳ ව කරන ලද විමසීමක දී අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පැවසුවේ මස්කෙළිය ඔල්ටන් වතුයායේ නිලා වත්ත කොටසේ මිනිස් අස්ථි කොටස් ඇති බවට ලැබුණ තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කෙරුණු බවයි.

මෙයට මාස හතරකට පමණ පෙර එම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75ක් වයසැති ක්‍රිෂ්ණසාමි යන අය හිටි හැටියේ අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණ බවත්, පරීක්ෂණ ආරම්භ කළ ද, ඔහු පිළිබඳ ව තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බවත් පොලිසිය පැවසුවා.

මෙසේ හමුව ඇති මිනිස් අස්ථි කොටස් එලෙස අතුරුදන් වූ පුද්ගලයාගේ බවට සැක කරන බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46