spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිව් මසකට පෙර අතුරුදන් වූවෙකුගේ අස්ථි කොටස් හමුවෙයි ?

මස්කෙළිය ඔල්ටන් වතුයායෙන් මීට මාස හතරකට පමණ පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ බවට සැක කරන අස්ථි කොටස් අද පෙරවරුවේ දී සොයාගෙන තිබෙනවා.

මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඔල්ටන් වතුයායේ නිලා වත්ත කොටසේ පුද්ගලයකු විසින් මෙම මිනිස් අස්ථි කොටස් දැක ඇති අතර පසුව මේ බව පොලිසියට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මස්කෙළිය පොලිසිය මේ පිළිබඳ ව පරීක්ෂණ ආරම්භ කෙරුණා.

මේ පිළිබඳ ව කරන ලද විමසීමක දී අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පැවසුවේ මස්කෙළිය ඔල්ටන් වතුයායේ නිලා වත්ත කොටසේ මිනිස් අස්ථි කොටස් ඇති බවට ලැබුණ තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කෙරුණු බවයි.

මෙයට මාස හතරකට පමණ පෙර එම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75ක් වයසැති ක්‍රිෂ්ණසාමි යන අය හිටි හැටියේ අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණ බවත්, පරීක්ෂණ ආරම්භ කළ ද, ඔහු පිළිබඳ ව තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බවත් පොලිසිය පැවසුවා.

මෙසේ හමුව ඇති මිනිස් අස්ථි කොටස් එලෙස අතුරුදන් වූ පුද්ගලයාගේ බවට සැක කරන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?