එළවළු මිල අහස උසට නගියි – හේතුව තොග මිල වැඩිවීමක් ද?

හැටන් නගරයේ එළවළු මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයටන්ට පත් ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ වන විට බෝංචි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 500 – 550ත් අතර මිලකටත්, මෑකරල්
කිලෝග්‍රෑමයක් රුපියල් 480-500ත්, අළු කෙසල් කිලෝග්‍රෑමය රුපියල් 440ත් 480ත්, වම්බටු රුපියල් 550ත් 600ත් අතර මිලකට අලෙවි වනවා.

කැරට් කිලෝග්‍රෑමයක් රුපියල් 480ත් 500ක් අතර ද; මාළු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 750ත් 800ත්, බීට් කිලෝග්‍රෑමයක් රුපියල් 300ත් 340ත්, ලීක්ස් කිලෝග්‍රෑමයක් රුපියල් 320ත් 350ත්, රාබු රුපියල් 200ත්
240ත්, පතෝල රුපියල් 400ත් 440ත්, වැටකොළු රුපියල් 450ත් 500ත් මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

රුපියල් 440ත් 500ත් අතර මිලකට එලබටු ද, ගෙඩි ගෝවා රුපියල් 240ත් 260ත්, කොළ ගෝවා රුපියල් 240ත් 280ත් ද, මුරුංගා රුපියල් 550ත් 600ත් අතර මිලකටයි සටහන් ව ඇත්තේ.

අමු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 750ත් 800ත් අතර මිලකට ද, නයි මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 1600ත් 2000ත් අතර මිලකට ද අලෙවි වුණා.

එළවළු මිල මෙසේ ඉහළ යාමත් සමග තමන්ට එළවළු මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම පිළිබඳ ව අදහස් දක්වමින් එළවළු වෙළෙන්දන් සඳහන් කළේ; එළවළු තොග මිල ඉහළ යාම මීට ප්‍රධානතම හේතුව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
4
+1
5
+1
2
+1
3
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12