මහ වැස්සෙන් මහ කන්නය යට වෙයි (ඡායාරූප)

මේ වනවිට මහ වැසි ඇදහැලීම හේතුවෙන් මහ කන්නයේ වී ගොයම් විනාශ වී යෑමේ අවදානමක් මතු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, දින ගණනාවක සිට නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් වව්නියාවේ මහකන්නයේ වී ගොයම් පැළ බොහෝමයක් වැසි ජල පහරට හසු ව කුණු වී ඇති බවයි.

මේ වනවිටත් වව්නියාවේ වැව් 02ක ධාරානිපාත වැසි හේතුවෙන් වැව් බැමි කැඩී ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් පහත් බිම් ප්‍රදේශවලට ජලය ශීඝ්‍රයෙන් බැසයාම හේතුවෙන් ඒවා ඇතැම් ප්‍රදේශවලින් ජල පහරට හසු ව යට වී ඇති බවයි වාර්තා වන්නේ.

වැසි ජලය සහ වැව්වල වාන් ජලය ද එක් වීම නිසා මහ කන්නයේ කුඹුරු විශාල ප්‍රමාණයක් මේ වනවිට යට වී තිබෙනවා.

වව්නියාව ගෝමර්සන්කුලම් ග්‍රාමසේවා වසමේ සින්න ගල්වීරන් කුලම වැව සහ සින්න කුලම් යන වැව්වල වැව් බැම්ම කැඩුණු අවස්ථාවේ දී යුද හමුදාව එක් ව වැලි කොට්ට යොදා තාවකාලික බැමි සකස් කර තිබුණ ද ඒවා කැඩී ගොස් ඇත්තේ වැසි ජල පහරට හසුවයි.

කෙසේවෙතත් වව්නියාව වාරිමාර්ග නිලධාරීන් පැවසුවේ, වැසි තත්ත්වය පහව යන තෙක් වැව් බැම්ම සකස් කිරීමේ හැකියාවක් නොමැති බවයි.

වර්ෂාපතනය අඩු වූ වහාම එය පිළිසකර කිරීමට පියවර ගන්නා බව ද වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ.සරත්චන්ද්‍ර පැවසුවා.

A 1
A 2
A 3
A 4
A 5
A 6
A 7
A 8
A 9


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22