නිවසේ දී මියගොස් ඇති කාන්තාවක් සම්බන්ධයෙන් පොලිසියට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට දැනුවත් නොකර අවසන් කටයුතු සිදු කිරීමට සුදානම් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොතුහැර පොලීසිය පවසනවා.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුවයි මෙම විමර්ශනය අරඹා ඇත්තේ.
පොතුහැර -පරබැවිල – බෙලිගොල්ලවත්ත පදිංචි ව සිටි වයස අවුරුදු 80 ක් වන කාන්තාවක් ඉකුත් 13 වෙනිදා රාත්‍රී 10.00 ට පමණ ඇයගේ නිවසේ දී මිය ගොස් තිබෙනවා.
මෙම මරණය සම්බන්ධයෙන් පොලීසියට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට දැනුවත් කිරීමක් නොකර සිරුර 14 වෙනිදා පොල්ගහවෙල ප්‍රදේශයේ මල් ශාලාවක් වෙත ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම සිරුර 15 වෙනිදා පොල්ගහවෙල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට ද මිය ගොස් ඇති කාන්තාවගේ මිනිබිරියක් බව කියන ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කටයුතු කර තිබෙනවා.
මෙම මරණය සැක කටයුතු බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ප්‍රදේශවාසියෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට පණිවිඩයක් ලබා දී ඇති අතර, ඒ අනුවයි මෙම විමර්ශන ඇරඹුනේ.
පොතුහැර පොලීසිය මිය ගොස් ඇති කාන්තාවගේ අවසන් කටයුතු නතර කර මේ වනවිට පුළුල් විමර්ශනයක් මරණය සම්බන්ධයෙන් ආරම්භ කර තිබෙනවා.














DID ANYONE UPDATE THIS WOMAN THE PROCEDURE? IF SO SHE DIDI NOT LITEN AND OBEY TO THE LAW? IF THIS WOMAN LIVE WITH HER MOTHER? IF SO THERE MAY BE SOMETHING BHIND ALL. BUT IF IT IS A MURDER NOW CANT DO ANYTHING, BECAUSE EVERYTHING BECOME ASHES NOW. BUT CAN FINE AND PUT HER INTO JAIL FOR THE INCIDENT OF NOT INFORMING. PERSON WHO GAVE THE TIP TO THE POLICE WHY WAIT UNTIL EVERY THING FINISHED BY HERSELF? WHY HE DID NOT INFORM POLICE OR VILLAGE OFFICER?