කැබිනට් අනුමැතිය නොමැතිව ඉදිරියේ දී ක්‍රිකට් අතුරු කමිටු බැහැ

අන්තර ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබා දී තිබෙනවා.

මේ අතර මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බව කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ද වාර්තා වනවා.