09 ශ්‍රේණියේ පෙම්වතිය සමඟ පෙම්සුව විඳින්න ගිය 30 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිය පෙම්වතිය බව කියන සිසුවියක් පාසල් කාලය තුළ පිටතට රැගෙන ගිය තරුණයෙක් අලුත්ගම පොලිසිය මඟින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දර්ගා නගරය, මිහිරිපැන්න ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්.

අලුත්ගම, දර්ගා නගරයේ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන අදාළ පාසල් සිසුවිය පාසල නිමවීමෙන් පසු කැඳවාගෙන යාමට ඇයගේ දෙමව්පියන් පාසල අසළට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී සිය දියණිය පාසල නිම වී ගේට්ටුවෙන් පිටතට නොපැමිණීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සොයාබලා ඇති ඔවුන්, අනතුරුව ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරව දෙමව්පියන් පාසල අසලින් පිටව ගොස් සුළු වේලාවකින් පසු සිසුවිය තරුණයෙකු සමඟ යතුරුපැදියකින් පැමිණ පාසල අසල බැස තිබෙනවා.

පසුව තම දියණිය යතුරුපැදියක නංවාගෙන පාසල අසළට ගෙනත් ඇරලූ තරුණයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් දෙමව්පියන් ඔහු පිළිබඳව පොලිසියට දැනුම්දීමට කටයුතු කර ඇති බව සඳහන්.

එම දැනුම්දීමට අනුවයි සැකකාර තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු පොලිසියට පවසා ඇත්තේ අදාළ බාලවයස්කාර සිසුවිය සමඟ වසර කිහිපයක සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යන බවයි.

සැකකාර තරුණයා දර්ගා නගරයේ පදිංචි සිය ඥාතිවරයෙකුට අයත් අලුත්ගම නගරයේ වෙළඳසැලක සේවයකරන්නෙකු බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකාර තරුණයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

බාලවයස්කාර සිසුවිය රජයේ රෝහලකට ඇතුළත් කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කරන බව ද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
8
+1
2
+1
9
+1
2
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12