තරුණ සිංහල ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟේ

පානදුර, හොරෙයිතුඩුව ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ තිබිය දී පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (14) උදෑසන සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව පොලිසිය විසින් මෙලෙස සොයාගෙන ඇත්තේ පානදුර, පරත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක තරුණයෙක්ගේ සිරුරක් බවයි වාර්තා වන්නේ.

මොහු කොළඹ ප්‍රසිද්ධ පාසලක සිංහල ගුරුවරයෙක් ලෙස සේවය කළ තැනැත්තෙක්.

මෙම පුද්ගලයා පසුගිය ඉරිදා (12) පස්වරු 7.00ට පමණ මොරටුව දිගරොල්ල පළම අසළ පිහිටි වෙළඳසැලක සිය බෑගය තබා එම පාළම දෙසට ගොස් ඇති බවයි තොරතරු අනාවරණය වී ඇත්තේ.

මේ වනවිට පොලිසිය සැකපළ කරන්නේ මෙම තරුණයා දිගරොල්ල පළමෙන් බොල්ගොඩ ගඟට පැන ඇති බවයි.

මොහු පිරමීඩ ජාවාරමක මුදල් ආයෝජනය කර එම මුදල් අහිමිවීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සිත් තැවුලින් සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38