පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ සිටි බාලවයස්කාර දැරියක් රෝහලෙන් පළා ගිහින්

ස්ත්‍රී දූෂණයක් සිදුව ඇත්දැයි දැනගැනීමට පරීක්ෂණ සඳහා පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටි බාලවයස්කාර දැරියක් රෝහලෙන් පැනගොස් තිබෙනවා.

වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් මෙලෙස රෝහලෙන් පැනගොස් ඇති බවයි මුන්දලම පොලීසිය සඳහන් කළේ.

මෙම දැරිය මුන්දලම, අගුණවිල, අක්කර 15 ප්‍රදේශයේ පදිංචිවව සිට තිබෙනවා.

ස්ත්‍රී දූෂණයක් සිදුව ඇති බවට ලැබී තිබූ තොරතුරක් අනුව ඉකුත් 10 වනදා මෙම දැරිය මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පසුව ඇයව පසුගිය 11 වනදා පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීම සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කරන තුරු ඇයව රෝහලේ 09 වන වාට්ටුවේ පොලිස් ආරක්ෂාව යටතේ රඳවා තැබීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ දැරිය ඊයේ (13) පස්වරු 4.00ට පමණ රෝහලෙන් පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?