AFC Banner
Empty Ad
Empty Ad

ගාසා තීරයේ විශාලම රෝහල සුසාන භූමියක් වෙයි – රෝහල තුළ හා පිටත මළ සිරුරු ගොඩගැසේ

ගාසා තීරයේ විශාලතම රෝහලවන අල්-ෂිෆා රෝහල සුසාන භූමියක් වීමට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

රෝහල තුළ සහ පිටත මළ සිරුරු ගොඩගැසෙමින් ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රෝහල අවට ඇති මළ සිරුරු රැකබලා ගැනීමට හෝ භූමදාන කිරීම සඳහා මෘත ශරීරාගාරයකට ගෙන යාමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර නරක් වූ මළ සිරුරු තැන්පත් කිරීමට රෝහලෙන් පිටවීමට ඊශ්‍රායල බලධාරීන් තවමත් අවසර ලබා නොදීම හේතුවෙන් සුනඛයින් රෝහල් භූමියට ඇතුළු වී මළ සිරුරු අනුභව කිරීමට පටන් ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

අල්-ෂිෆා රෝහලට විදුලි සැපයුම විසන්ධි වීම හේතුවෙන් නොමේරූ ළදරුවන්ගේ ඉරණම පිළිබඳව ද කනස්සල්ලක් පවතින බවයි රෝහල් බලධාරීන් සඳහන් කර සිටියේ.

මේ වනවිටත් එම ළදරුවන්ගෙන් හත් දෙනෙකු ඔක්සිජන් නොමැතිකම නිසා මියගොස් ඇති බවට වාර්තා වනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන මාර්ක් රෙජිව් පැවසුවේ, ඊශ්‍රායලය ළදරුවන් ඉවත් කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරන බවත්, හමාස් සංවිධානය එම යෝජනා භාර නොගන්නා බවයි.

මේ අතර ගාසා තීරයේ විශාලතම රෝහලවන අල්-ෂිෆා රෝහලට අභ්‍යන්තර පොළොව තුළ හමාස් උමං මාර්ග සහ පාලන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක බවට පවසමින් ඊශ්‍රායල හමුදා එම රෝහල අවට තව දුරටත් රැකවල්ලාගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?