ගාසා තීරයේ විශාලම රෝහල සුසාන භූමියක් වෙයි – රෝහල තුළ හා පිටත මළ සිරුරු ගොඩගැසේ

ගාසා තීරයේ විශාලතම රෝහලවන අල්-ෂිෆා රෝහල සුසාන භූමියක් වීමට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

රෝහල තුළ සහ පිටත මළ සිරුරු ගොඩගැසෙමින් ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රෝහල අවට ඇති මළ සිරුරු රැකබලා ගැනීමට හෝ භූමදාන කිරීම සඳහා මෘත ශරීරාගාරයකට ගෙන යාමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර නරක් වූ මළ සිරුරු තැන්පත් කිරීමට රෝහලෙන් පිටවීමට ඊශ්‍රායල බලධාරීන් තවමත් අවසර ලබා නොදීම හේතුවෙන් සුනඛයින් රෝහල් භූමියට ඇතුළු වී මළ සිරුරු අනුභව කිරීමට පටන් ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

අල්-ෂිෆා රෝහලට විදුලි සැපයුම විසන්ධි වීම හේතුවෙන් නොමේරූ ළදරුවන්ගේ ඉරණම පිළිබඳව ද කනස්සල්ලක් පවතින බවයි රෝහල් බලධාරීන් සඳහන් කර සිටියේ.

මේ වනවිටත් එම ළදරුවන්ගෙන් හත් දෙනෙකු ඔක්සිජන් නොමැතිකම නිසා මියගොස් ඇති බවට වාර්තා වනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන මාර්ක් රෙජිව් පැවසුවේ, ඊශ්‍රායලය ළදරුවන් ඉවත් කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරන බවත්, හමාස් සංවිධානය එම යෝජනා භාර නොගන්නා බවයි.

මේ අතර ගාසා තීරයේ විශාලතම රෝහලවන අල්-ෂිෆා රෝහලට අභ්‍යන්තර පොළොව තුළ හමාස් උමං මාර්ග සහ පාලන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක බවට පවසමින් ඊශ්‍රායල හමුදා එම රෝහල අවට තව දුරටත් රැකවල්ලාගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21