ශම්මිගේ ප්‍රකාශය ගැන ක්‍රික් ඉන්ෆෝ කියන කතාව – 19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වයත් නැති වෙයිද?

ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් නොකළ හොත් ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය රටට අහිමි විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අනතුරු අඟවනු ලැබවා.

ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීමට ICCයට ජූලි මාසයේදී අවශ්‍ය වූ නමුත් තමා එය වැළැක්වූ බවයි ශම්මි සිල්වා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ESPNcricinfo වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ ICCය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති අතර එම තරඟාවලියේ සත්කාරකත්වය පිළිබඳව නොවැම්බර් 21 වෙනිදා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී පමණක් සාකච්ඡා කරනු ඇති බවයි. එමෙන්ම ජූලි මාසයේදී SLC අත්හිටුවීම සම්බන්ධයෙන් කිසිදු කරුණක් සාකච්ඡා වී නොමැති බවයි ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේ ICC උප සභාපති ඉම්රාන් ක්වාජා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙත සිදුවන දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වා ඇති බවයි.

“මාස පහකට පමණ පෙර දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳ ආරංචියක් ලැබුණු විට ICCය මෙහි පැමිණ පරීක්ෂණයක් සිදු කළා. ඉම්රාන් ක්වාජා මහතා ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා හමුවී ඔවුන්ට කියා සිටියේ ඔබ මෙය නිසි ලෙස පාලනය නොකළහොත් ICC එය බැරෑරුම් ලෙස සලකන බවයි. එබැවින් මෙම අත්හිටුවීම දින එකකින් දෙකකින් සිදුවන දෙයක් නොවේ. ක්වාජා ආවේ මැයි 10. මම පසුව ICC රැස්වීමකට ගියා ජූලි 10 සිට 14 දක්වා. ඔවුන්ගේ වාර්තාවේ තිබුණා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්පූර්ණයෙන්ම දේශපාලන අපයෝජනයට ලක් වෙනවා කියලා. ඊට පස්සේ ඔවුන් මට කිව්වා අපිට විකල්ප කිහිපයක් තියෙනවා. එක්කෝ අපි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරනවා. නැත්නම් ශ්‍රී ලංකාවට මුදල් ලබාදීම නතර කරනවා. මම ඔවුන්ට කිව්වා ඒක කරන්න එපා කියලා. ඒ නිසා ඇත්තටම අපි ජූලි 10 සහ 14 අතර තහනමකට ලක් වෙන්නයි හිටියේ, අපි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඒක වැළැක්වුවා.”

ESPNcricinfo පෙන්වා දෙන්නේ තමන් සතුව ඇති තොරතුරුවලට අනුව, 2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව ICC වෙත පැමිණිලි කිරීමෙන් පසුව ක්වාජා කරුණු සෙවීමේ මෙහෙයුමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවයි. එහෙත් එම අවස්ථාවේ දී සෘජු මැදිහත්වීම් පිළිබඳ මූලික සාක්ෂියක් සොයා නොගත් බවයි සඳහන් වන්නේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ හා අවපාලනය සම්බන්ධයෙන් චෝදනා කරන අතර, ශම්මි සිල්වා ඇතුලු ක්‍රිකට් නිලධාරීන් චෝදනා කරන්නේ අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාවට මැදිහත් වන බවටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අමාත්‍ය රොෂාන් රණසිංහ අතර පසුගිය වසර පුරා ගැටුමක් පැවතීම මෙම ප්‍රශ්නයේ පසුබිම බවයි ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

ඊයේ ශම්මි සිල්වා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යන දෙදෙනාම වෙන වෙනම මාධ්‍ය හමු සංවිධාන කර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ශම්මි සිල්වා අවධාරණය කළේ ICC සහ SLC යන දෙකම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යාම සඳහා තවදුරටත් දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බවට ශ්‍රී ලංකා දේශපාලනයේ ඉහළම මට්ටමේ සිටින ජනාධිපතිවරයාගෙන් සහතිකයක් ලබා ගන්නා බවයි.

ශම්මි සිල්වා සහ ඔහුගේ තේරී පත් වූ අධ්‍යක්ෂ මණ්ඩලය දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය දරන නමුත් ඔවුන්ගේ ස්ථානය තවමත් අවිනිශ්චිත බවයි ක්‍රික් ඉන්ෆෝ පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සඳුදා අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත් කිරීම අධිකරණය විසින් දින 14ක කාලයක් සඳහා අවලංගු කරනු ලැබුවා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ මීළඟ පියවර ලෙස අමාත්‍යාංශය ප්‍රථමයෙන් ICC හි ආරවුල් විසඳීමේ කමිටුව වෙත ප්‍රවේශ වන බවයි අමාත්‍ය රොෂාන් රණසිංහ කියාසිටියේ. එය ICC තුළ ඇති ආයතනයක් වන අතර එය සාමාජිකත්වය පිළිබඳ මණ්ඩලවල අභියාචනා සමාලෝචනය කරනු ලබනවා. එම ක්‍රියාවලිය අසාර්ථක වුවහොත් ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයේ නඩුවක් විභාග කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බවයි රණසිංහ මහතා සඳහන් කළේ.

ක්‍රිකට් ආයතනයේ තරග තහනමක් ඉල්ලා ඇත්තේ ද ශම්මි සිල්වා බවට ද චෝදනා පවතිනවා. මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු පැවසුවේ “මේක මාස පහක ඉඳන් වෙන්න යන දෙයක් කියලා මම කලිනුත් කිව්වා. මට එහෙම නූල් අදින්න පුළුවන් නම් මම ආකර්ෂණීය පුද්ගලයෙක් විය යුතුයි.

“ICC වැඩේට මම 21 යනවා. ජනාධිපතිතුමාටත් මම කතා කරනවා. ඇමතිව අපි ගෙනියන්නම් වෙන තැනකට. මෙයා හිතන් ඉන්නේ ගිනස් එකට යන්න පුළුවන් හොඳම ඇමති එයා කියලා. දේශපාලකයෙක් නිසා නැති වෙන්නේ රටේ ක්‍රිකට්. තනි මිනිහෙක් බොරු කියනවා. අනික් අය හොයන්නේ නැතුව ඔව් ඔව් කියනවා. “ICC මේක අයින් කළේ නැත්නම් ඩොලර් මිලියන 50ක අලාභයක් අවම වශයෙන් වෙනවා ලබන අවුරුද්දට. මං දන්නේ නැහැ මොනවා වෙයිද කියලා.”

“පොලීසියෙන් කිව්වා මට ගෙදර ඉන්න එපා කියලා. තරග පැරදෙන එක නෙමෙයි ප්‍රශ්නය. අපිට හොරු කියන එක. කණ්ණාඩිය ඉස්සරහට ගියානම් පෙනෙයි ඇමතිට කවුද හොරා කියලා. උසාවිය යන්න. ඇමති ජපානයට යයි. අපි යන්නේ නැහැ මේ රට දාලා. අපි මේක අතහරින්නේ නැහැ. අපි එයාට දුන්නා ලක්ෂ 2900ක්. ක්‍රීඩාවලට වියදම් කරන්න. මෙයාගේ හිතවතුන්ට තමයි මේ සල්ලි වියදම් කළේ. මේකේ විගණනය දෙන්න කියන්න. “අපේ ආදායමෙන් 20%ක් එයාගේ අමාත්‍යාංශයට එවන්න කියලා ලියුමක් එව්වා. අපි බැහැ කිව්වා. අපිත් එක්ක තරහව පටන්න ගන්න පළවෙනි හේතුව මේක.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26