හෙට (12) ප්‍රදේශ කිහිපයක සුරාසැල් වැසේ

හෙට දිනයට යෙදී ඇති දීපාවලී දිනය වෙනුවෙන් ප්‍රදේශ කිහිපයක සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් හල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවන පවසනවා.

ඒ අනුව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් හල්, මහියංගනය සහ රිදීමාලියද්ද යන ප්‍රදේශ හැර බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතිරි ප්‍රදේශවල පිහිටි සියළුම සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා ට තැබිය යුතුයි.

හෙටට යෙදී ඇති දීපවාලි දිනය නිමිත්තෙන් මෙම ප්‍රදේශවල ක්‍රියාත්මක වන මත්පැන් සිල්ලරට විකිණීමේ සියළුම සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවටයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?