අල්ලස් ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුලු සැකකරුවන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදී ඇත්තේ.

අල්ලස් කොමිසම විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ. ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි.

සැකකරුවන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (10) සිදු කළ විශේෂ වැටලීමක දීයි.

වාර්ෂිකව සිය බලපත්‍රය අලුත් කර ගැනීමට අවශ්‍ය වූ දැවිතෙල් ව්‍යාපාරිකයෙකුට මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා දීම සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔවුන් අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

එහිදී අදාළ අල්ලස් මුදල තැරැව්කරුවන් දෙදෙනෙකුගේ මාර්ගයෙන් ලබා ගැනීමට සැළසුම් කර තිබී ඇති බව ද වාර්තා වී තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ ඔහුගේ කාර්යාලයේදීත් අනෙක් දෙදෙනා සුපිරි වෙළෙඳසලක් තුළදීත් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද සිටින බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23