චීනයෙන් ශ්‍රී ලංකා පොලිසියට යතුරු පැදි 26ක් සහ පරිගණක 100ක්

මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදුන් රනොමොටෝ (RANOMOTO) වර්ගයේ යතුරු පැදි 26ක් සහ LENOVO වර්ගයේ ඩෙස්ක්ටොප් පරිගණක 100ක් නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේ දී සිදු වී තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සම්බන්ධීකරණයෙන් පොලිස්පති සී ඩී. වික්‍රමරත්න මහතා විසින් ශ්‍රී ලංකාවේ වීන තානාපති Qi Zhenhong මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් මෙම ප්‍රදානය සිදු කර ඇත්තේ.

ඊට අදාළ ලිපි ලේඛන චීන තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් අතර චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන යන මහත්වරු ඇතුළු පොලිස් දෙපර්තමේත්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04