2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් පැනවූ තාවකාලික තහනම හේතුවෙන් මෙම තීරණය ගැනීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වයට රජය මැදිහත් වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම තාවකාලික තහනම පැනවීමට කටයුතු කළ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.
මේ අතර 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන මස 19 වනදා ඩුබාහි දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.














Well done. Midst of the BAN imposed by ICC, SL Cricketers will not be absorbed to any team. 🇱🇰🏏