බොරැල්ල – කොටා පාරේ ඉඩමක් හොර ඔප්පුවක් හදලා විකුණලා

බොරැල්ල පොලිස් වසමේ කොටා පාරේ පිහිටි ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කර එය රුපියල් මිලියන 136කට අලෙවි කර මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (10) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු විසින් බොරැල්ල, කොටා පාරේ පිහිටි පර්චස් 87.5ක ඉඩමක් මෙලෙස ව්‍යාජ ඔප්පුවක් සකසා අලෙවිකර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක අයෙක්.

ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (10) ඉදිරිපත් කර ඇති අතර, එහිදී ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?