බොරැල්ල – කොටා පාරේ ඉඩමක් හොර ඔප්පුවක් හදලා විකුණලා

බොරැල්ල පොලිස් වසමේ කොටා පාරේ පිහිටි ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කර එය රුපියල් මිලියන 136කට අලෙවි කර මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (10) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු විසින් බොරැල්ල, කොටා පාරේ පිහිටි පර්චස් 87.5ක ඉඩමක් මෙලෙස ව්‍යාජ ඔප්පුවක් සකසා අලෙවිකර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක අයෙක්.

ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (10) ඉදිරිපත් කර ඇති අතර, එහිදී ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ තරුණියක් ජනපතිව සැරටම අමතයි - අනුරට ඕන ඕන විදිහට කරන්න දෙන්නේ නෑ
09:11
Video thumbnail
ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි, අලුත් ව්‍යවස්ථාවක්ම හදන්න
02:15
Video thumbnail
එදා චාමර සහ අද චාමර - GL ගැන කිව්ව කතා
00:59
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21