2024 ප්‍රවාහනයේ රැඩිකල් වෙනසක් කරන්න ප්‍රවාහන ඇමති සැරසෙයි

එළැඹෙන 2024 වර්ෂය ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රවාහන පද්ධතියේ රැඩිකල් වෙනස්කම් රැසක් ඇති කරන හැරවුම් වසරක් බවට පරිවර්තනය කිරීම සඳහා වන ඉලක්කයට සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නොවැම්බර් 10 වැනි දිනට යෙදෙන ලෝක පොදු ප්‍රවාහන දිනයට සමගාමීව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන් මාලාවට එක් වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අප රට තුළ මෙන්ම ලෝකයේ ද ජනතාවගේ මගී ප්‍රවාහන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ඉටු කරන්නේ බස්රථ, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් තුළින්. මේ වට විට පැවැත්වෙන ප්‍රවාහනය හා සම්බන්ධ ජාත්‍යන්තර සමුළු හා සම්මන්ත්‍රණවලදී අනාගත ලෝකයේ ප්‍රමුඛතම මගී ප්‍රවාහන මාධ්‍ය ලෙස විදුලි දුම්රිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වෙමින් පවතිනවා. 2030/2050 වන විට රටවල් තුළ සහ රටවල් අතර ප්‍රවාහනය සඳහා විදුලි දුම්රිය ප්‍රධාන මාධ්‍යය බවට පත් කිරීම ප්‍රධාන ඉලක්කයක්.

වඩාත් සුරක්ෂිත, විශ්වාසනීය, කාර්යක්ෂම හා ඵලදායි ගමනාගමන සේවයක් සඳහා ජනතාව වැඩි වශයෙන් විදුලි දුම්රිය වෙත යොමු වනු ඇති බව සැලසුම්කරුවන්ගේ අදහසයි. ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් රටවල් අතර විදුලි දුම්රිය සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. චීනය කේන්ද්‍ර කරගත් එක් තීරයක් එක් මාවතක් වැඩසටහන වැනි බොහෝ වැඩසටහන් යටතේ ලෝකයේ රටවල් රැසක් ඒකාබද්ධ කෙරෙන මෙවැනි විදුලි දුම්රිය පද්ධතීන් පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව 2050 වසර පමණ වන විට ලෝකයේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය බවට විදුලි දුම්රිය සේවය පත්වනු ඇති.

එම දිශානතිය උදෙසා ගමන් කිරීමට මේ වන විට එකදු විදුලි දුම්රිය මාර්ගයක් හෝ නොමැති ශ්‍රී ලංකාවේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා කිලෝමීටර් 60ක පමණ දුර ප්‍රමාණය විදුලි දුම්රිය මාර්ගයක් බවට පත් කිරීමේ උත්සාහය අප දරමින් සිටිනවා.

පොදු ප්‍රවාහනය තුළ කාන්තාවන්ට සිදුවන කරදර හිරිහැර හේතුවෙන් බියෙන් හා සැකයෙන් තොරව ගමන් කිරීමේ නොහැකියාව වැනි ගැටලු සඳහා සමාජයේ වැඩි අවධානයක් යොමු කිරීම මෙවර පොදු ප්‍රවාහන දිනයේ තේමාවයි. මෙම තත්ත්වයන් අවම කිරීම උදෙසා ප්‍රබුද්ධ සාකච්ඡාවක් ඇති කිරීම සඳහා මෙවර ප්‍රවාහන දිනය යොදාගැනීම ලෝකයේම එකඟතාවයයි.

ඒ අරමුණින් කාන්තාවන්ට ආරක්ෂා සහිතව කිසිදු බියක් හෝ සැකයකින් තොරව පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීම සඳහා අවශ්‍ය පරිසරය සැකසීම සඳහා වන සංවාදයක් රට තුළ ඇති විය යුතුයි. ”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04