චිකුන්ගුන්යා සඳහා ලොව පළමු එන්නත අනුමත වෙයි

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය විසින් චිකුන්ගුන්යා සඳහා ලොව පළමු එන්නත අනුමත කර තිබෙනවා.

චිකුන්ගුන්යා මේ වන විට නැගී එන ගෝලීය සෞඛ්‍ය තර්ජනයක් ලෙසටයි සැලකෙන්නේ.

මදුරුවන්ගෙන් බෝවන, උණ සහ සන්ධි වේදනාව ඇති කරන මෙම රෝගය අලුත උපන් බිළිඳුන්ට මාරාන්තික විය හැකි බව සඳහන්.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ අනුමැතිය එන්නත ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීම වේගවත් කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

Ixchiq නම් නව එන්නත වයස අවුරුදු 18 සහ ඊට වැඩි සහ රෝගය වැළඳීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා අනුමත කර ඇති බව FDA සඳහන් කළා. එය යුරෝපයේ Valneva විසින් වැඩි දියුණු කරන ලද අතර එය තනි මාත්‍රාවකින් ලබා දීම තුලින් රෝගය පාලනය වන බවට හඳුනාගෙන තිබෙනවා.

චිකුන්ගුන්යා වෛරසය ආසාදනය වීම විශේෂයෙන් වැඩිහිටි සහ කල් පවතින රෝගී තත්වයන් ඇති වැඩිහිටි පුද්ගලයින්ට බරපතල රෝග සහ දිගුකාලීන සෞඛ්‍ය ගැටළුවලට හේතු විය හැකි බව සඳහන්.

2008 වසරේ සිට අවම වශයෙන් චිකුන්ගුන්යා රෝගීන් මිලියන පහක් වාර්තා වී ඇති බව FDA පවසනවා. අනෙකුත් රෝග ලක්ෂණ වන්නේ කැසීම, හිසරදය සහ මාංශ පේශි වේදනාවයි. සන්ධි වේදනාව මාස කිහිපයක් හෝ වසර ගණනාවක් පැවතිය හැකියි.

අප්‍රිකාවේ, අග්නිදිග ආසියාවේ සහ ඇමරිකාවේ සමහර ප්‍රදේශවල නිවර්තන සහ උපනිවර්තන කලාපවල මිනිසුන් ආසාදනය වීමේ වැඩි අවදානමක් තිබෙනවා. චිකුන්ගුන්යා වෛරසය රැගෙන යන මදුරුවන් මෙම ප්‍රදේශවලට ආවේණික වීම ඊට හේතුවයි.

කෙසේ වෙතත්, චිකුන්ගුන්යා වෛරසය නව භූගෝලීය ප්‍රදේශවලට ද ව්‍යාප්ත වී ඇති අතර එමඟින් රෝගයේ ගෝලීය ව්‍යාප්තිය ඉහළ යන බවයි FDA පවසන්නේ.

රෝග නිවාරණ සහ පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානයේ දත්තවලට අනුව මේ වසරේ මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන් වන අතර එය 218,613ක්.

2016 වසරේ දී දිල්ලි අගනුවරින් ද විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ අතර එහි රෝගීන් 93,000 කට වඩා වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට මරණ 350ක් ඇතුළුව චිකුන්ගුන්යා රෝගීන් 440,000ක් පමණ වාර්තා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16