spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චිකුන්ගුන්යා සඳහා ලොව පළමු එන්නත අනුමත වෙයි

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය විසින් චිකුන්ගුන්යා සඳහා ලොව පළමු එන්නත අනුමත කර තිබෙනවා.

චිකුන්ගුන්යා මේ වන විට නැගී එන ගෝලීය සෞඛ්‍ය තර්ජනයක් ලෙසටයි සැලකෙන්නේ.

මදුරුවන්ගෙන් බෝවන, උණ සහ සන්ධි වේදනාව ඇති කරන මෙම රෝගය අලුත උපන් බිළිඳුන්ට මාරාන්තික විය හැකි බව සඳහන්.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ අනුමැතිය එන්නත ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීම වේගවත් කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

Ixchiq නම් නව එන්නත වයස අවුරුදු 18 සහ ඊට වැඩි සහ රෝගය වැළඳීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා අනුමත කර ඇති බව FDA සඳහන් කළා. එය යුරෝපයේ Valneva විසින් වැඩි දියුණු කරන ලද අතර එය තනි මාත්‍රාවකින් ලබා දීම තුලින් රෝගය පාලනය වන බවට හඳුනාගෙන තිබෙනවා.

චිකුන්ගුන්යා වෛරසය ආසාදනය වීම විශේෂයෙන් වැඩිහිටි සහ කල් පවතින රෝගී තත්වයන් ඇති වැඩිහිටි පුද්ගලයින්ට බරපතල රෝග සහ දිගුකාලීන සෞඛ්‍ය ගැටළුවලට හේතු විය හැකි බව සඳහන්.

2008 වසරේ සිට අවම වශයෙන් චිකුන්ගුන්යා රෝගීන් මිලියන පහක් වාර්තා වී ඇති බව FDA පවසනවා. අනෙකුත් රෝග ලක්ෂණ වන්නේ කැසීම, හිසරදය සහ මාංශ පේශි වේදනාවයි. සන්ධි වේදනාව මාස කිහිපයක් හෝ වසර ගණනාවක් පැවතිය හැකියි.

අප්‍රිකාවේ, අග්නිදිග ආසියාවේ සහ ඇමරිකාවේ සමහර ප්‍රදේශවල නිවර්තන සහ උපනිවර්තන කලාපවල මිනිසුන් ආසාදනය වීමේ වැඩි අවදානමක් තිබෙනවා. චිකුන්ගුන්යා වෛරසය රැගෙන යන මදුරුවන් මෙම ප්‍රදේශවලට ආවේණික වීම ඊට හේතුවයි.

කෙසේ වෙතත්, චිකුන්ගුන්යා වෛරසය නව භූගෝලීය ප්‍රදේශවලට ද ව්‍යාප්ත වී ඇති අතර එමඟින් රෝගයේ ගෝලීය ව්‍යාප්තිය ඉහළ යන බවයි FDA පවසන්නේ.

රෝග නිවාරණ සහ පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානයේ දත්තවලට අනුව මේ වසරේ මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන් වන අතර එය 218,613ක්.

2016 වසරේ දී දිල්ලි අගනුවරින් ද විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ අතර එහි රෝගීන් 93,000 කට වඩා වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට මරණ 350ක් ඇතුළුව චිකුන්ගුන්යා රෝගීන් 440,000ක් පමණ වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?