කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට අවශ්‍ය පහසුකම් දෙන්න රජය සූදානම් – ජනපති

අතීතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා නිසි සැලැස්මක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා කුළුබඩු සංගමය වෙත උපදෙස් දුන් ජනාධිපතිවරයා අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය සුදානම් අතර පෞද්ගලික අංශය ද එක් කර ගනිමින් එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවයි සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (08) පස්වරුවේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති ශ්‍රී ලංකා කුළුබඩු සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින්.

ශ්‍රී ලංකාවේ කුරුදු කර්මාන්තයේ ප්‍රවර්ධනයට දැක්වූ දායකත්වය වෙනුවෙන් සාරද ද සිල්වා සහ මහාචාර්ය ජයසිරි ලංකාගේ යන මහත්වරු වෙත සම්මාන පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

ලෝකයේ ගුණාත්මකම කුළුබඩු තිබුණේ අපේ රටේයි. නමුත් පසුගිය අවුරුදු 30ක, 40ක කාලයේ දී කුළුබඩු කර්මාන්තය නොසලකා හැරීම හේතුවෙන් කුළුබඩු වලින් අපට ලැබෙන ආදායම අඩුවෙලා තිබෙනවා.

නමුත් දැන් එය වෙනස් විය යුතුයි. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය තිරසාරභාවය සමඟ අප තරඟකාරී ආර්ථිකයක් සහ අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පත් විය යුතුව තිබෙනවා. අපේ ණය ගෙවන්න නම් අපිට වැඩිපුර විදේශ විනිමය උපයා ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අපිට ගෙවුම් ශේෂයේ ධනාත්මක තත්ත්වයක් තිබෙන බව තහවුරු කිරීමට සිදු වෙනවා.

එසේනම් ආර්ථික ක්‍රියාකාරකම් වලදී තරගකාරී සහ විදේශ විනිමය ගෙනෙන අපනයන ආර්ථිකයක් කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. එහි ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස කුළුබඩු ක්ෂේත්‍රය හඳුනාගත හැකියි.

අතීතයේ දී මෙරට ආර්ථිකය ප්‍රධාන වශයෙන් රැඳී පැවතුනේ කුළුබඩු ක්ෂේත්‍රය මතයි. අප මෙහිදී පුළුල් වෙළෙඳපොළක් දෙස අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා රජය මේ වන විටත් මැදිහත් වී තිබෙනවා. අපි කුරුඳු සංවර්ධනය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවා තිබෙනවා.

ඒ වගේම ගම්මිරිස් අතීතයේ පටන් ගෙවත්තේ වගා කළ බෝගයක්. එවැනි තවත් බොහෝ කුළුබඩු වර්ග තිබෙනවා. අප මේවා වැඩිදියුණු කිරිමට ඉලක්කගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළයුතුයි.

ඒ වගේම අපේ රටේ ඉතා ගුණාත්මක සහ රසවත් කෝපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම අපේ රටේ තිබෙන කෝකාවා, හොදම කොකෝවා වර්ගවලින් එකක් බව පිළිගැනෙනවා. මෙම වගාවන් සඳහා අවශ්‍ය ඉඩම් ලබාදිමට රජය සූදානම්. ඒ වගේම තව පෞද්ගලික ඉඩම් තිබෙනවා. මෙම ක්ෂේත්‍රය නඟා සිටුවිමට අපි සියලුදනා එකතුවෙලා කටයුතු කරමු.

එසේම නව තාක්ෂණය සමඟ එක්වෙමින් කෘෂී නවීකරණ වැඩපිළිවෙළ සඳහා ද අප කඩිනමින් යොමු විය යුතුයි. මෙහිදී අපට පෞද්ගලික අංශයේ සහාය අවශ්‍ය වෙනවා.කුළුබඩු ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස කුළුබඩු කවුන්සිලයේ සිටින සියලුදෙනාගෙන් මම ඉල්ලා සිටිනවා. ඊට අවශ්‍ය සහාය ලබාදීමට ඇමතිතුමත් මමත් සුදානම් බව ප්‍රකාශ කිරීමට කැමතියි.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

කුළුබඩු ක්ෂේත්‍රය නංවාලීම සඳහා වැදගත් පියවර රැසක් ගැනීමට රජයක් ලෙස අපි බලාපොරොත්තු වෙනවා. කුරුඳු වටිනාකම් දාමය වැඩිදියුණු කිරීම වෙනුවෙන් කුරුඳු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට ජනාධිපතිතුමා ගත් පියවර ඉතා කාලෝචිත එකක් බව කිවයුතුයි.

කුළුබඩු කර්මාන්තය ඇතුළු රටේ සමස්ත කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රජය පියවර රැසක් ගෙන ඇති බවද මෙහිදී සඳහන් කළයුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25