රට රැකියා හීන දුන් ව්‍යාජ ඒජන්සි ලොක්කෝ අත්අඩංගුවට

ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගත් පුද්ගලයෙකු ව සහ වලංගු බලපත්‍රයක් නොමැති ව ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය අයෙකු ව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද දහවල් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි.

ජපානයේ රැකියා ලබාදෙන පවසා තමන්ගෙන් රුපියල් 9,35,000 ක මුදලක් ලබාගත් නමුත්; මේ වන තුරු රැකියාව නොලැබුණු බවට වන පැමිණිල්ලක් මතයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව මුදල් ලබාගත් බව කියන නුවරඑළිය – කදපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද විදේශ සේවා නියුක්ති කාර්යංශයට කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

එම අවස්ථාවේදීයි අදාළ සැකකරු ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර,කටුනායක – ඩබ්ලිව්.ඒ ද සිල්වා මාවතේ පවත්වා ගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් ද ඊයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් වටලනු ලැබුවා.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 20 ක්, රැකියා ලබාදීමට අදාළ ලිපි ගොනු 31 ක් සහ රැකියා අයදුම්
පත්‍ර 05 ක් ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගෙන තිබෙනවා.

එම ව්‍යාජ විදේශ රැකියා ස්ථානය පවත්වාගෙන ගිය බව කියන මීගමුව – දළුපොත පදිංචිකරුවෙකු ද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මාලිගාවත්ත සහ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?