AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව සහ පෘතුගාලය සබඳතා වැඩි දියුණු කිරීමට අගමැතිගේ අවධානය

ශ්‍රී ලංකාව හා පෘතුගාලය අතර වෙළඳ හා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අගමැතිගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ පෘතුගාල තානාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදීයී.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ පෘතුගාල තානාපති මෙන්ඩිස් දි අල්මේයිදා මහතා අතර සාකච්ඡාවක් පැවැත් වුණේ අරලියගහ මන්දිරයේදීයි.

ශ්‍රී ලංකාව හිතකර සංචාරක ගමනාන්තයක් ලෙස පෘතුගාල ජනතාව අතර ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා.

පෘතුගාල සංචාරකයින් ඉන්දියාවට ආකර්ශනය කර ගැනීමට ක්‍රියාත්මක කළ ‘ලිස්බන් සිට ගෝවා දක්වා 19 වැනි සියවසේ නැඟෙනහිර ගමන’ වැනි වැඩසටහනක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව ද පෘතුගාලයේ හිතකර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ හැකියාව ඇති හෙයින්, පෘතුගාලයේ ලිස්බන් සිට ගාල්ල දක්වා එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි බවයි පෙන්වා දුන්නේ.

මීට විසි වසරකට පෙර තමන් ද සංචාරකයෙකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි බව සිහිපත් කළ පෘතුගාල තානාපතිවරයා කියාසිටියේ පෘතුගාල සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය සියලු සාධක ශ්‍රී ලංකාව සතු බවයි.

කුලුබඩු වැනි ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා පෘතුගාලයේ වැඩි වෙළඳපොල වැඩි අවස්ථාවක් ලබාදීමට අදාළ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?