ළමා රෝහලේදී මියගිය දරුවාගේ වකුගඩු ගැන අලුත් අනාවරණයක්

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය 3 හැවිරිදි දරුවාගේ වම්පස වකුගඩුව පමණක් තම අංශය භාරයේ සුරක්ෂිතව තබා ඇති අතර නිරෝගී තත්ත්වයේ තිබූ බව කියන දකුණු වකුගඩුව තම අංශයට නොලැබුණු බව එම රෝහලේ වකුගඩු අංශය භාර විශේෂඥ වෛද්‍ය ශාන්තිනී ගුණරත්න මහත්මිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එම දරුවාගේ මරණයට අදාළ සාක්ෂි විමසීම අධිකරණය හමුවේ පැවති අතර එහිදී බොරැල්ල පොලිසිය විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි විශේෂඥ වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ.

තම අංශය වෙත එවන ලද එම දරුවාගේ වම්පස වකුගඩුව ඇමෝනියා වතුරේ ගිල්වා තම අංශයේ සුරක්ෂිතව මේ වන විට තබා ඇති බව ද සාක්ෂි ලබාදෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

රෝහලට ඇතුළත් කරන ලද එම දරුවාගේ දකුණු වකුගඩුව කිසිදු අසමානතාවයකින් තොරව නියමිත ස්ථානයේ තිබූ බව දරුවාගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇති බවයි එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මලිත් සමරසිංහ මහතා මීට පෙර සාක්ෂි ලබාදෙමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබී ඇත්තේ.

දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරිත්වය 9%ක් ලෙසත්, දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය 91%ක් ලෙසත් ක්‍රියාත්මකව තිබූ බව ද රෝහල් අධ්‍යක්ෂකවරයා සිය සාක්ෂිය මඟින් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ශල්‍යකර්මයේදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් දරුවාගේ එක් වකුගඩුවක් ඉවත් ව ඇති බවට රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන නමුත් එක් වකුගඩුවක් පමණක් තිබූ බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තා වාර්තාවේ සඳහන්ව තිබීම අපැහැදිලි කාරණයක් බවයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි වෛද්‍යවරයකු මෙන්ම නීතිඥවරයෙකු වන වයි.එල්.එම් යූසුෆ් මහතා මීට පෙර නඩු වාරයකදී අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ.

කොටහේන ප්‍රදේශයේ පදිංචි අම්දි ෆස්ලිම් නමැති 3 හැවිරිදි දරුවකු මෙලෙස මිය ගොස් ඇති අතර තම දරුවාගේ මිය යෑම සැක සහිත බවට ඔහුගේ මවුපියන් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03