ළමා රෝහලේදී මියගිය දරුවාගේ වකුගඩු ගැන අලුත් අනාවරණයක්

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය 3 හැවිරිදි දරුවාගේ වම්පස වකුගඩුව පමණක් තම අංශය භාරයේ සුරක්ෂිතව තබා ඇති අතර නිරෝගී තත්ත්වයේ තිබූ බව කියන දකුණු වකුගඩුව තම අංශයට නොලැබුණු බව එම රෝහලේ වකුගඩු අංශය භාර විශේෂඥ වෛද්‍ය ශාන්තිනී ගුණරත්න මහත්මිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එම දරුවාගේ මරණයට අදාළ සාක්ෂි විමසීම අධිකරණය හමුවේ පැවති අතර එහිදී බොරැල්ල පොලිසිය විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි විශේෂඥ වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ.

තම අංශය වෙත එවන ලද එම දරුවාගේ වම්පස වකුගඩුව ඇමෝනියා වතුරේ ගිල්වා තම අංශයේ සුරක්ෂිතව මේ වන විට තබා ඇති බව ද සාක්ෂි ලබාදෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

රෝහලට ඇතුළත් කරන ලද එම දරුවාගේ දකුණු වකුගඩුව කිසිදු අසමානතාවයකින් තොරව නියමිත ස්ථානයේ තිබූ බව දරුවාගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇති බවයි එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මලිත් සමරසිංහ මහතා මීට පෙර සාක්ෂි ලබාදෙමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබී ඇත්තේ.

දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරිත්වය 9%ක් ලෙසත්, දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය 91%ක් ලෙසත් ක්‍රියාත්මකව තිබූ බව ද රෝහල් අධ්‍යක්ෂකවරයා සිය සාක්ෂිය මඟින් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ශල්‍යකර්මයේදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් දරුවාගේ එක් වකුගඩුවක් ඉවත් ව ඇති බවට රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන නමුත් එක් වකුගඩුවක් පමණක් තිබූ බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තා වාර්තාවේ සඳහන්ව තිබීම අපැහැදිලි කාරණයක් බවයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි වෛද්‍යවරයකු මෙන්ම නීතිඥවරයෙකු වන වයි.එල්.එම් යූසුෆ් මහතා මීට පෙර නඩු වාරයකදී අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ.

කොටහේන ප්‍රදේශයේ පදිංචි අම්දි ෆස්ලිම් නමැති 3 හැවිරිදි දරුවකු මෙලෙස මිය ගොස් ඇති අතර තම දරුවාගේ මිය යෑම සැක සහිත බවට ඔහුගේ මවුපියන් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?