spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කොරියානු අගමැති සහ මෙරට කතානායක අතර හමුවක්

කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩුක් සූ (Han Duck-soo) සහ මේ දිනවල කොරියාවේ නිල සංචාරයක නිරත වන කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවක් ඊයේ පැවැත්වුණා.

ඒ ඊයේ (06) කොරියාවේ සෝල් අගනුවර දීයි.

කොරියානු අන්තර්ජාතික නියෝජිතායනය (KOICA) සහාය දක්වන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන බව ද කොරියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

කොරියාවේ සේවය කිරීමට අවශ්‍ය අතිනවීන තාක්ෂණය ලාංකික ශ්‍රමිකයන්ට ඉදිරියේ දී මෙරට දී ම කොරියානු ආයතනයක් හරහා ලබාදෙන බවට ද සහතිකයක් ලබාදීමටයි මෙම සාකච්ඡාවේ දී එරට අග්‍රාමාත්‍යවරයා පියවර ගනු ලැබුවේ.

මෙරට කොරියානු ආයෝජන අවස්ථා වැඩි කිරීමට ඒකාබද්ධ ආර්ථික කොමිසමක් (Economic Joint Commission) ගොඩනැගීමටත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

මෙරට ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සදහා ණය ප්‍රශස්තකරණය මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා කොරියාවේ සහාය ලබාදෙන බවට කොරියානු ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේ දී පැවසීම පිළිබඳ ව ද කතානායකවරයා මෙහිදී ස්තුතිය පළ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?