කොරියානු අගමැති සහ මෙරට කතානායක අතර හමුවක්

කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩුක් සූ (Han Duck-soo) සහ මේ දිනවල කොරියාවේ නිල සංචාරයක නිරත වන කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවක් ඊයේ පැවැත්වුණා.

ඒ ඊයේ (06) කොරියාවේ සෝල් අගනුවර දීයි.

කොරියානු අන්තර්ජාතික නියෝජිතායනය (KOICA) සහාය දක්වන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන බව ද කොරියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

කොරියාවේ සේවය කිරීමට අවශ්‍ය අතිනවීන තාක්ෂණය ලාංකික ශ්‍රමිකයන්ට ඉදිරියේ දී මෙරට දී ම කොරියානු ආයතනයක් හරහා ලබාදෙන බවට ද සහතිකයක් ලබාදීමටයි මෙම සාකච්ඡාවේ දී එරට අග්‍රාමාත්‍යවරයා පියවර ගනු ලැබුවේ.

මෙරට කොරියානු ආයෝජන අවස්ථා වැඩි කිරීමට ඒකාබද්ධ ආර්ථික කොමිසමක් (Economic Joint Commission) ගොඩනැගීමටත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

මෙරට ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සදහා ණය ප්‍රශස්තකරණය මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා කොරියාවේ සහාය ලබාදෙන බවට කොරියානු ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේ දී පැවසීම පිළිබඳ ව ද කතානායකවරයා මෙහිදී ස්තුතිය පළ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15